
2017.05.26 නිවිතිගල , කොට්ඨාශය තුළ සිදු වූ නාය යාමෙන් අවතැන් වූ ප්‍රජාව සඳහා ලබා දුන් නිවාස සහිත ඉඩම් ගෘහාශ්‍රිත පළතුරු හා ගෙවතු වගාවට යොමුකර ගැනීම තුළින් පාරිසරික වශයෙන් හරිත භූමියක් නිර්මාණය කර ගැනිම අරමුණු කර ගනිමින් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන - 2019 යටතේ, දොඹගම්මන ආපදා ගම්මානයේ පළමු අදියරේ ප්‍රතිලාභීන් වෙත පළතුරු පැළ ලබාදීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව, රු. 31,620.00 ක ප්‍රතිපාදන මත 2019.07.03 දින මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.ප්‍රතිලාභීන් 54 දෙනෙකු අඹ,රඹුටන් සහ කිලෝ පේර වන වර්ග තුන ඇතුළත් පළතුරු පැළ කට්ටලය බැගින් ලබාදුන් අතර පොදු ස්ථාන දෙකක ද මෙම පළතුරු පැළ සිටුවන ලදී. නිවිතිගල ප්‍රාදේශිය ලේකම්තුමා ,සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය, කෘෂීකර්ම උපදේශක ඇතුළු නිලධාරින් රැසකගේ සහභාගීත්වයෙන් මෙදින වැඩසටහන සිදුකරන ලද අතර පැළ සිටුවීම සහ නඩත්තුව සම්බන්ධයෙන් කෘෂීකර්ම උපදේශකතුමා පිරිස දැනුවත් කරන ලදි.
















