කොවිඩ් මර්ධන කමිටු රැස්වීම 2021/05/17
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල කොවිඩ් වෛරසය සීග්‍රයෙන් පැතිරී යාම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ ප්‍රාදේශීය කොවිඩ් මර්ධන කමිටු රැස්වීම 2021/05/17 දින ප්‍රාදේශීය ලේකම් එස්.එම්.ඩී.සී.සමරසේකර මහතාගේ ප්රධානත්වයෙන් කාර්යාලීය ශ්රවනාගාරයේදී පවත්වන ලදි.
හුස්ම දෙන තුරු - 2021
“හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපන වැඩසටහන යටතේ අප්‍රේල් 16 හා 19 යන දෙදින අළුත් අවුරුදු නැකතට සමගාමීව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් නිවිතිගල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී සහ නිල සෙවන කාර්යාල පරිශ්‍ර තුල රුක් රෝපන වැඩසටහන පැවැත්විනි.


යටි වියනට හිරු එළිය අරන් -2020
නිවිතිගල ප්රාදේශිය ලේකම් කාර්යාලය මඟින් තෙවැනි වරටත් සංවිධානය කර පවත්වනු ලැබු දෙමාපිය අහිමි, තනි මාපිය සහ ආර්ථික දුෂ්කරතා සහිත පවුල් වල දරුවන් 100 දෙනෙකු සඳහා පාසල් උපකරණ කට්ටල බෙදාදීමේ වැඩසටහන ප්රාදේශීය ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් පවත්වන ලදි.






















