සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ සම්මානලාභීන් ඇඟයීම
සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ, ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ රන් රිදී සම්මානලාභී ප්‍රජා නායකයින් හා නිළධාරින් මෙන්ම සමෘද්ධි වැඩසටහනට උරදෙන නිළධාරීන් ඇගයීමේ උත්සවය රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති වසන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, මූලස්ථාන කළමණාකාරතුමා, කරවිට දොළොස්වල බැංකු කළමණාකාරතුමන්ලා, ඇතුලු නිළධාරීන් ගේ සහභාගීත්වයෙන් 2023.12.05 දින නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මහත් හරසරින් පවත්වන ලදී.
විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023
"නිවුණු,හැදුණු,පිරුණු සොඳුරු මිනිසුන් පිරි පින්බර දේශයක් එක්ව ගොඩ නගමු " යන තේමාව මුල් කරගනිමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සබරගමු පලාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය එක්ව ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව සංවිධානය කරන ලද විහග වදුල සාහිත්‍ය කලා මහෝත්සවය 2023.11.09 දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී අතිසාර්ථකව පැවැත්විණි. මෙහිදි ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රහණය කරන ලද තරගකරුවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ලබා දීම සිදුකරන ලද අතර තවද කොට්ඨාශයේ පාසල් අංශයේ දරුවන්, සෞන්දර්ය අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ කරා ගෙනයෑම වෙනුවෙන් උරදුන් ගුරුවරු සහ එම දරුවන් ඇගයීමක්ද සිදුකරන ලදී..
විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2022
නිවුණු, හැදුණු, පිරුණු සොඳුරු මිනිසුන්පිරි පින්බර දේශනයක් එක්ව ගොඩ නගමු යන තේමාව මුල්කරගනිමින් ප්‍රාදේශීය ලේකම්තුමාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය 2022-11-04 දින නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. 2022 - ප්‍රාදේශීය සාහිත්‍ය ජයග්‍රහණය කරන ලද තරග කරුවන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි.
හිටවන කවි, ගීත, නාට්‍යයන්හි හැඩගැන්වු සාහිත්‍ය උළෙලේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ රංගන ශීල්පි මිහිර සිරිතිලක මහතා විසිනි.

2023 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සමාරම්භක උත්සවය සිදුකරන ලදි....

- හිත මිතුරු සන්ද්‍යාව -
වසර කිහිපයක් තිස්සේ පැවැති විඩාබර රාජ්‍ය සේවයේ පුංචි අස්වැසිල්ලක් ලබා දීම උදෙසා නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මානසික සුවතාවය තුලින් ඵලදායි රාජ්‍ය සේවාවක් ලගා කර ගැනීමේ අරමුණෙන් ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි පවත්වන ලද " හිත මිතුරු සන්ද්‍යාව".

















