අපගේ දැක්ම

"තෘප්තිමත් සේවා ලාභී ප්‍රජාවක් බිහි කිරිම"

අපගේ මෙහෙවර

" ජනතාවගේ ජීවන මටිටම ඉහල නංවනු වස් රාජ්‍ය,පෞද්ගලික හා ස්වේච්ඡා සංවිධාන සමඟ ද මනා අන්තර් සම්බන්ධතාවයකින් යුතුව ආචාරශීලි,පාරදෘෂ්‍ය හා පරිපුර්ණ සේවා සැපයුමක් පවත්වාගෙන යාම"
 
හැඳින්වීම

සබරගමු පළාතට අයත් රත්නපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි නිවිතිගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය උතුරින් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් දකුණින් කලවාන ප්‍රාදේශිය කොට්ඨෘශයත් නැගෙනහිරින් කහවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨායටත් බටහිරින් ඇලපාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨෘශයටත් මායිම්ව පිහිටා ඇති අතර කොට්ඨාශයේ මුලු බිම් ප්‍රමාණය වර්ග කිලෝමිටර් 153.93ක් වේ.

දේශගුණික වශයෙන් වර්ෂය පුරා සෙෘම්‍ය දේශගුණික තත්ත්වයක් පවතින මෙම ප්‍රදේශය නිරිත දිග තෙත් කලාපයට අයත් වේ.මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මිටර් 4500 ක් පමණ වන අතර මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 23 ක අගයක් ගනී.

කොට්ඨාශය තුළ මුලු ජනගහනය 63,352 ක් පමන වන අතර ඉන් සිංහල 82% දෙමල 16% හා මුස්ලිම් 02% ක්ද වශයෙන් හඳුනා ගත හැකිය.

ආර්ථිකමය වශයෙන් නිවිතිගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වැවිලි ආර්ථිකයක් සහිත ප්‍රදේශයක් ප්‍රධාන වගාව තේ වන අතර සැලකිය යුතු ප්‍රමාණයක් රබර් වගාව දැකිය හැකිය.පොල්,කුරුඳු වැනි භෝග ද සාමාන්‍ය ප්‍රමාණයක් ඇත. මුළු වගා බිමි වලින් 60% ක් මෙම ආර්ථික භෝගයන් මඟින් ආවණය කර ඇත. ප්‍රදේශියේ ආර්ථික සංවර්ධනය සඳහා වැඩි දායත්වයන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වතු මඟින් සැපයීම විශේෂත්වයකි.

ප්‍රදේශය පුරා ව්‍යාප්ත වී ඇති මැණික් කර්මාන්තය ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට සුවිසල දායකත්වයක් දක්වනු ලබයී. ශ්‍රි ලංකාවේ ඉතා වටිනා මැණික් ඉල්ලම් නිධි පිහිටි ප්‍රදේශයක් වශයෙන් නිවිතිගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වශයෙන් හඳුනා ගෙන ඇත.

නිවිතිගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පුරවැසියන් සදහා ලබා දෙනු ලබන සේවා කාර්යාලීය පෙරටු කාර්යාලය මගින් ඉටු කරගැනීමේ පහසුකම් ලබා දී ඇත. වර්තමානයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් වඩාත් උසස් රාජ්‍ය සේවයක් ලබා දීමට සංවිධානාත්මක ව්‍යුහයත් නිර්මාණශීලී මානව සම්පතත් යොදා ගනු ලබයි. දිනකට සේවා ලාභීන් 70 කට අධික ප්‍රමාණයක් අප ආයතනයෙහි සේවා ලබා ගැනීමට පැමිණේ. ඊ-ප්‍රාදේශිය ලේකම් කාර්යාල, උපත්, විවාහ, මරණ සහතික පරිගණකය මගින් රත්නපුර දිස්ත්‍රික්කයේම සහතික ලබා දීම, ඊ-විශ්‍රාම වැටුප්, ගෘහ මූලික ලේඛණ පරීක්ෂා කර සේවා ලබා දීම යන සියළුම නව සංකල්ප සියල්ලම පවතින  ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් වේ.

ආයතනයේ විකාශනය

ආරම්භයේ පැවති ප්‍රාදේශිය ආදායම් කොට්ඨාශය උප දිසාපති කොට්ඨාශ බවට පත් කරන ලද අතර  පල්ලෙපත්තුව හා මැද පත්තුව ඇතුලත් කර නිවිතිගල උප දිසාපති කොට්ඨාශය දෑල පැරණි දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලේ ආරම්භ කරන ලදි.

නිවිතිගල උප දිසාපති කොට්ඨාශය මුලින්ම ග්‍රාම නිලධාරි වසම් 08 ක කොටස් කල අතර පල්ලෙපත්තුවේ ජනතාවට රාජකාරි කටයුතු ඉටු කර ගැනිමට සැතපුම් 25 ක් පමණ පැමිණිය යුතු බැවින් නිවිතිගල උප දිසාපති කොට්ඨාශයේ උප කාර්යාලයක් ඇලපාත ප්‍රදේශයේ පිහිටුවනු ලැබීය.ඉන්පසු නිවිතිගල ප්‍රධාන කාර්යාලය වසම් 24 කින්ද,ඇලපාත උප කාර්යාලය වසම් 20 කින් ද සමන්විත රාජකාරි කටයුතු ව්‍යාප්ත කර ඇත.

නිවිතිගල ප්‍රධාන කාර්යාලය 1978.07.25 වන දින නිවිතිගල ඉදි කරන ලද දැනට ඇති ගොඩනැගිල්ලට ගෙන එන ලද අතර ,1992.09.29 වන දින උපදිසාපති කොට්ඨාශය නිවිතිගල ප්‍රාදේශය ලේකම් කොට්ඨාශය ලෙස ආරම්භ කරන ලදී.1998.06.06 වන දින ඇලපාත උපකාර්යාලය ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයක් බවට පත් කරමින් වෙනම පරිපාලන ඒකකයක් බවට පත්විය.

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ඇන්ඩෘෘ ජයමාන්න මහතා 1980 1983
පියල් ජයමාන්න මහතා 1983 1985
ඒ ඩි දයාරත්න මහතා 1985 1988
එම්.බි.එම් සෝමරත්න මහතා 1988 1990.12.31
එම්.එම්.යු ධම්මික මහතා 1991.01.01 1992.05.30
කේ.වි.පි රංජිත් ද සිල්වා මහතා 1993.02.01 2000.12.31
පී.ඩබ් ආනන්ද මහතා 2003.01.01 2004.06.01
පාලිත නානයක්කාර මහතා 2004.12.03 2005.08.25
එම්.ආර්.පී මුතුනායක මහතා 2005.08.25 2007.04.17
එම් අමරතුංග මහතා 2007.04.26 2010.04.30
මහින්ද එස් විරසුරිය මහතා 2010.04.26 2012.04.30
ජි.ඒ.සි.පි බමුණු ආරච්චි මහතා(වැ.බ) 2012.05.05 2012.08.01
එම්.එස් අවන්ති සේනාරත්න මිය 2012.08.23 2018.06.07
එස්.එම්.ඩී.සී සමරසේකර මහතා 2018.07.05  2021.07.10
ජී.ඩබ්.රංජිත් ජයලාල් මහතා 2021.07.14  වර්තමාන

News & Events

07
දෙසැ2023
සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ  සම්මානලාභීන් ඇඟයීම සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ,...

13
නොවැ2023
විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023...

Scroll To Top