ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුරවැසි ප්රඥප්තිය
News & Events
සමෘද්ධි ප්‍රජා හරසර - 2023
සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ සම්මානලාභීන් ඇඟයීම සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ,...
74 නිදහස් උළෙලට සමගාමීව සිදු කරන රුක් රෝපණ වැඩසටහන
74 නිදහස් උළෙලට සමගාමීව සිදු කරන රුක්...
කාර්යාලීය නිලධාරීන් අතර සුහද එල්ලේ හා ක්‍රිකට් තරඟාවලිය
ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මඟපෙන්වීම යටතේ කාර්යාලීය ඵලදායිතා ඒකකය...
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්තුමාගේ රාජකාරි ඇරඹූම
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්තුමාගේ...
ස්ථානමාරු වී යන ප්‍රාදේශීය ලේකම්තුමාට සුභ පැතුම්...
ස්ථානමාරු වී යන ප්‍රාදේශීය ලේකම්තුමාට සුභ පැතුම්......
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මහජනතාව සඳහා වන covid - 19 එන්නත්කරණ වැඩසටහන
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මහජනතාව සඳහා වන...
ප්‍රාදේශීය කොවිඩ් මර්ධන කමිටු රැස්වීම 2021/06/16
ප්‍රාදේශීය කොවිඩ් මර්ධන කමිටු රැස්වීම 2021/06/16 නිවිතිගල...
“ජාතික නිදහස් සැමරුම හා රුක් රෝපණ වැඩසටහන”
73 වන ජාතික නිදහස්නි දිනය නිමිත්තෙන් නිවිතිගල ...
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලන නිලවරණය.
2021 වර්ෂය සඳහා නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ...
කොවිඩ් 19 රෝගය හේතුවෙන් නිරෝධායන වන පවුල් සඳහා අත්‍යාවශය භාණ්ඩ ලබා දීම.
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 2020/01/18 දින වන...
“ගම සමඟ පිළිසදර වැඩ සමඟ යළි ගමට” වැඩසටහන
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම 2021- 2023 යටතේ...
NOTICE BOARD

මුල් පිටුව
බාගත කිරීම්
නිතර අසන පැණ
ආයතන අංශය
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?
- රත්නපුර නගරයේ සිට රත්නපුර බදුල්ල මාර්ගයේ කි.ලෝ 4 පැමිණ තිරිවාන කැටියෙන් දකුණට හැරි තිරිවාන කැටිය අගලවත්ත මාර්ගයේ කි.මි 12 පැමිණ නිවිතිගල නගරය හමු වේ.
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?
- මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.
මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?
- මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
- අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
- වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
- ජාතික හැදුනුම්පත.
සමාජ සේවා අංශය
ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?
- ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.
අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?
- දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.
රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.
සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?
- දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
- මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.
උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
විශ්‍රාම වැටුප් අංශය
සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?
- පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.
විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?
- අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
- විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
- පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.
වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.
ප්‍රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
කොළඹ,
ශ්‍රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk
පිවිසුම් වාර ගණන





















