සමෘද්ධි   සංවර්ධන  දෙපාර්තමේන්තුව

සමෘද්ධි  වැඩසටහන   අඩු  අදායම්  ලාභි  දිළිදු  ජනතාවගේ  ජීවන  තත්වය   උසස් කිරීමේ  අරමුණින් ශ්‍රි ලංකාවේ  දිළිදුකම   පිටුදැකීමේ   දැවැන්ත  වැඩ  සටහනක්ලෙස  1993  වසරේ  ක්‍රියාත්මක  වූවකි. මේ  වන  විට  මෙය  සියඑ  ග්‍රාමීය   ජනතාවගේ ඉතුරුම්  අවශ්‍යතා   සපුරාලමින්  ක්ෂුද්‍ර  මුල්‍ය  බැංකු  කේෂත්‍රයේ  හා  ග්‍රාමිය  ජනතාවට සමෘද්ධි ප්‍රජා   මූල  බැංකු  හරහා  දැවැන්ත  මෙහෙයක්  ඉටුකරනු   ලබයි.

ඒ  අනුව   නිවිතිගල  කොට්ඨාශයේ   දිස්ත්‍රික්  මට්ටමින්  හොදම  බැංකුව  දොලොස්වල ප්‍රජා  මූල  බැංකුව   ලෙසත්  ජාතික  මට්ටමින්  ග්‍රේණිගත   කිරිම්  අණුව  A   ග්‍රේණියේ බැංකුවක්  ලෙස  ජයග්‍රහන  ලබා  ගැනිමට  සමත්  වි  ඇත. සමෘද්ධි  ප්‍රතිලාභීන්  6053කගේ  ණය අව්‍යශතා    සදහා  උපකාරි   කරන  ප්‍රජා  මුල  බැංකු   ජීවනෝපාය ණයවැඩ   සටහන   යටතේ  රජයේ  දායකත්වය  මත   ස්වයං  රැකියා   හා   ව්‍යපෘති  සංවර්ධන වැඩසටහන්    සදහා  අදාල  උපකරන  ලබා  දීමද   දිරිය  පියස  වැඩසටහන  යටතේ වැන්දඹු   කාන්තාවන්  සදහා  නිවාස    ලබා  දීමද  සිදු කරනු  ලබයි.

එමෙන්ම   දිළිදු ජනතාවගේ  හදිසි  අපදා  තත්වයන්  වලදි  (උපත් .  වීවාහ .රෝහල් ගත  වීම්. මරණ)     සමාජ  ආරක්ෂණ වැඩසටහන  හරහා  වන්දි  ගෙවීම  හා  උසස්  පෙල  සිසු   දරුවන්  සදහා  ලබා දෙන සිප්දොර  ශිෂ්‍යත්ව    ඉතා එළදායි    වැඩ  සටහන්  ලෙසට  පත්ව  ඇත.

News & Events

07
දෙසැ2023
සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ  සම්මානලාභීන් ඇඟයීම සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ,...

13
නොවැ2023
විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023...

Scroll To Top