ජාතික සුරක්ෂිතතා දිනය 2021

ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමිව නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේ වැඩසටහන හලිකඳලිය,යක්දෙහිවත්ත හා පාතකඩ වසමි කේන්ද්‍ර කරගනිමින් ප්‍රාදේශීය ලේකම් රංජිත් ජයලාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.12.26 දින පෙ.ව 9.00 සිට යක්දෙහිවත්ත විද්‍යාලයේදී පවත්වන ලදී. එහිදී එම වසම් වලට අනුයුක්ත ග්‍රාම නිලධාරීන්,සංවර්ධන නිලධාරීන්,සමෘද්ධි සංවර්ධන නිලධාරීන්,කෘෂිකර්ම පර්යේෂණ හා නිශ්පාදන සහකාර නිලධාරීන්, බහු කාර්ය සංවර්ධන බලකායේ පුහුණුලාභීන් ඇතුළු ප්‍රජාව සහභාගී විය.මීට සමගාමීව සෑම වසමකම ආපදා පෙරසුදානම් පත්‍රිකා බෙදාදීමද ඒ ඒ වසම් සඳහා අනුයුක්ත ඉහත නිලධාරීන් මගින් සිදු කරන ලදී.

National Safety Day 2021

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම්තුමාගේ රාජකාරි ඇරඹූම

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ප්‍රාදේශීය ලේකම් ලෙස 2021/07/14 දින රාජකාරි ඇරඹූ කහවත්ත හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම් ජී. ඩබ්. රංජිත් ජයලාල් මැතිතුමන්ට රාජ්‍ය සේවයේ දිගු ගමනකට උණුසුම් සුබ පැතුම්!!!

new

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මහජනතාව සඳහා වන covid - 19 එන්නත්කරණ වැඩසටහන

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මහජනතාව සඳහා වන covid - 19 එන්නත්කරණ වැඩසටහන 2021/07/05 දින ආරම්භ විය. අද දින සිදුරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ වයස අවුරුදු 60ට වැඩි ජෙයශ්ඨ පුරවැසියන් සඳහා එන්නත් ලබා දීම නිවිතිගල සති පොල පරිශ්‍රයේ දී සිදු කරන ලදි. සිදුරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ වයස අවුරුදු 60ට වැඩි ජෙයශ්ඨ පුරවැසියන්ගෙන් 78.38%ක ප්‍රතිශතයක් එන්නත් ලබාගෙන ඇත.

"නිවිතිගල ඔබ රකින - මහා නිල පවුර අපි"

Capture

ස්ථානමාරු වී යන ප්‍රාදේශීය ලේකම්තුමාට සුභ පැතුම්...

පුරා වසර තුනක් නිවිතිගල කොට්ටාසයට ප්‍රාදේශීය ලේකම් වශයෙන් නීතිගරුක, විනයගරුක , සෘජු , පරිසර හිතකාමී සහ මානව සංවේදී ගෞරවනීය පරිපාලකයකු වශයෙන් උපරිම සේවය ලබා දී 2021/07/12 දින සේවයෙන් පසු කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් වශයෙන් ස්ථාන මාරු ලැබ නික්ම ගිය එස්.එම්.ඩී.සී. සමරසේකර මැතිතුමනි, රාජ්‍ය සේවයේ ජය කෙහෙළි නංවන්නට ඔබ මෙතෙක් කල සේවය ආශිර්වාදයක්ම වේවා!! ඔබ වන් ප්‍රධානියකු, නායකයකු ලද අප ද නිවුනේම වේ!! දීර්ඝායු වේවා!!

old

ප්‍රාදේශීය කොවිඩ් මර්ධන කමිටු රැස්වීම 2021/06/16

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල  කොවිඩ් වෛරසය සීග්‍රයෙන් පැතිරී යාම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ ප්‍රාදේශීය කොවිඩ් මර්ධන කමිටු රැස්වීම 2021/06/16 දින ප්‍රාදේශීය ලේකම් එස්.එම්.ඩී.සී.සමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්‍යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.

 

 

අනු-ප්‍රවර්ගයන්

News & Events

07
දෙසැ2023
සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 

සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ  සම්මානලාභීන් ඇඟයීම සමෘද්ධි ප්‍රජා හරසර - 2023 වැඩසටහන යටතේ,...

13
නොවැ2023
විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023

විහඟ වඳුල සාහිත්‍ය කලා මහෝත්සවය - 2023...

Scroll To Top